ශ්‍රී ලංකාව තුළදී කොවිඩ් මාත්‍රා 02 ම ලබාගත් පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂ 30 කට ආසන්න වී තිබෙනවා.
මේ වනවිට එය පවතින්නේ 29 ලක්ෂ 38 දහස් 568 ක් ලෙසයි.
ඊයේ දිනයේදී මෙරටදී භාවිත කල කොවිඩ් මාත්‍රා ගණන 02 ලක්ෂ 48 දහස් 656 ක්.
ඇස්ට්‍රා-සෙනෙකා පළමු මාත්‍රාව 23 දහස් 135 ක් / එහි දෙවන මාත්‍රාව 1021 ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 69 දහස් 041 ක් සහ එහි දෙවන මාත්‍රාව එක් ලක්ෂ 53 දහස් 678 ක් ඊයේ දිනයේදී ලබාදී තිබුණා.
ෆයිසර් පළමු මාත්‍රාව 711 ක් / එහි දෙවන මාත්‍රාව 75 ක් සහ මොඩර්නා එන්නතේ පළමු මාත්‍රාව 995 දෙනෙකුට ඊයේ දිනයේදී ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කලේ.
මේ අනුව ශ්‍රී ලංකාව තුළදී දැනට භාවිත කර ඇති මුලු මාත්‍රා ගණන එක් කෝටි 40 ලක්ෂ 19 දහස් 660 ක්.
අවම වශයෙන් පළමු මාත්‍රාව හෝ ගත් සංඛ්‍යාව දැක්වෙන්නේ එක් කෝටි 10 ලක්ෂ 81 දහස් 92 ක් ලෙසයි.
