ශ්‍රී ලංකාව තුලදී මේ දක්වා එක් දිනයකදී භාවිත කර ඇති වැඩිම කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව ඊයේ දිනයේදී (26) ලබාදී ඇත.
ඒ එන්නත් මාත්‍රා 437,878 ක් ලෙසයි.
ඉන් වැඩිම ප්‍රමාණයක් ලබා දී ඇත්තේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව වන අතර එම සංඛ්‍යාව තුන් ලක්ෂ පනස් හය දහස් හයසිය විසි අටක්.
එහි දෙවැනි මාත්‍රාව ඊයේ දිනය තුල 55 722 කට ලබාදුන්නා.
ඒ අනුව සයිනොෆාම් පළමු එන්නත ගත් සංඛ්‍යාව ලක්ෂ 59 ඉක්මවා ඇති අතර දෙවැනි මාත්‍රාව ගත් සංඛ්‍යාව ලක්ෂ 14 ඉක්මවා තිඛෙනවා.
ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 108 දෙනෙක්ට එන්නත් කළ අතර මොඩර්නා එන්නත තවත් 25 420 කට ලබාදුන්නා.
