ශ්‍රී ලංකාව ඇතුලු රටවල් කිහිපයක් සිය සංචාරක අවධානම් ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිංගප්පූරුව පියවර ගෙන තිබෙනවා.
ඉන්දියාව – බංග්ලාදේශය – මියන්මාරය – නේපාලය සහ පකිස්ථානය යන රටවල්ද මීට අයත්.
ලබන අගහරුවාදා සිට මෙම ලිහිල් කිරීම් බලාත්මක වන නමුත් අදාළ සංචාරකයන් සිංගප්පූරුවට පැමිණීමෙන් පසු තවදුරටත් දින 14 ක නිරෝධායනයට යටත්විය යුතුයි.
කොවිඩ් තත්වය හේතුවෙනුයි මෙම රටවල්ද සංචාරක අවධානම් ලැයිස්තුවට යටත් කර තිබුණේ.
