ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 කට ආසන්න වී තිබෙනවා.
මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාවේ වාර්තාව ඊයේ යළිත් අලුත් වුණා.
ඒ මරණ 98 ක් ලෙසයි.
මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4919 දක්වා ඉහළ ගියා.
ඊයේ මරණවලින් 70 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 27 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
01 අයෙකු වයස අවුරුදු 30 ට අඩු අයයි.
මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2794 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 24 දහස් 223 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31 095 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 88 දහස් 307 දක්වා ඉහළ ගියා.
