සැප්තැම්බර් වනවිට සමස්ත ජනගහණයෙන් සියයට 10 ක් පූර්ණ එන්නත්කරණයට ලක් කිරීමේ ඉලක්කය ඊට පෙර සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ ජනරාල් ටෙඩ්රස් ඇඩනම් මහතා පවසනවා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ප්‍රසාදය පළකරන බවයි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් අධ්යක්ෂ ජනරාල්වරයා කියාසිටියේ.
මහජන සෞඛ්‍ය පිළිබඳ අවධානය ඉහළ නැංවීමට සහ වෛරසය පාලනයේදී ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ටෙඩ්රස් ඇඩනම් මහතා ස්තූතිය පළකරනවා.
Glad to see that #SriLanka is on track to fully vaccinate 10% of its population ahead of the #VaccinEquity September target! Thanks to the Government and people of ?? for their efforts, and continued vigilance on proven public health and social measures to suppress the virus. https://t.co/BJLUlomN4T
— Tedros Adhanom Ghebreyesus (@DrTedros) August 1, 2021
