මෙරට තවත් පුද්ගලයින් 03 ලක්ෂ 34 දහස් 020 දෙනෙකු සඳහා ඊයේ කොවිඩ් මර්දන එන්නත ලබා දී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.
ඒ අනුව ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව 31 දහස් 041 ක් / එහි දෙවන මාත්‍රාව 955 දෙනෙකුටත් / සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 76 දහස් 694ක් / එහි දෙවන මාත්‍රාව දෙලක්ෂ 17 දහස් 962 දෙනෙකුටත් ලබාදී තිබුණා.
ෆයිසර් පළමු මාත්‍රාව 117 දෙනෙකුටත් / ෆයිසර් දෙවන මාත්‍රාව 7 දහස් 251 දෙනෙකුටත් ඊයේ දින ලබා දී තිබෙනවා.
මේ අනුව මෙරටදී ඊයේ දිනය දක්වා භාවිත කර ඇති සමස්ත කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා සංඛ්‍යාව එක් කෝටි 56 ලක්ෂ 89 දහස් 167 දක්වා ඉහළ යනු ඇති.
මෙරටදී පූර්ණ එන්නත්කරණයට ලක්කර ඇති මුලු පිරිස 40 ලක්ෂ 17 දහස් 85ක් වනවා.