කොවිඩ් මර්දන එන්නත්කරණය යටතේ ශ්‍රී ලංකාවේදී අවම වශයෙන් එක් මාත්‍රාවක් හෝ ගත් පිරිස මිලියන 15 ඉක්මවා ගොස් තිබෙනවා.
මේ වනවිට එය සටහන් වන්නේ එක් කෝටි 50 ලක්ෂ 61 දහස් 354 ක් ලෙසයි.
ඊයේ දිනයේදී තවත් පුද්ගලයන් එක් ලක්ෂ 15 දහස් 698 දෙනෙකුට කොවිඩ් මාත්‍රා ලබාදී තිබුණා.
ඒ ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව 863 ක් / සයිනොෆාම් පළමු මාත්‍රාව 4746 ක් / සයිනොෆාම් දෙවන මාත්‍රාව 40 දහස් 568 ක් / ෆයිසර් පළමු මාත්‍රාව 68 දහස් 586 ක් / එහි දෙවන මාත්‍රාව 695 ක් සහ මොඩර්නා දෙවන මාත්‍රාව 240 ක් ලෙසයි.
මේ වනවිට ශ්‍රී ලංකාවේදී පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති පිරිස සටහන් වන්නේ එක් කෝටි 32 ලක්ෂ 1141 ක් ලෙසයි.