ශ්‍රී ලංකාවෙන් මේ දක්වා එක් දිනයකදී සටහන්වූ වැඩිම කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව ඊයේ තහවුරු වුණා.
ඒ මරණ 94 ක් ලෙසයි.
මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4821 දක්වා ඉහළ ගියා.
ඊයේ මරණවලින් 73 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 19 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
02 දෙනෙකු වයස අවුරුදු 30 ට අඩු අයයි.
මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2674 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 21 දහස් 429 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 30 337 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 86 දහස් 365 දක්වා ඉහළ ගියා.
