ශ්‍රී ලංකාවෙන් අද දිනයේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාධිතයන් 1820 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාධිතයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 26 දහස් 043 ක් බවට පත්වනවා.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 30 දහස් 330 ක්.
තවත් 2487 දෙනෙකු සුවය ලබා තිබෙනවා.
ඒ අනුව සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 90 දහස් 794 දක්වා ඉහළ ගියා.
ශ්‍රී ලංකාවෙන් දැනට කොවිඩ් මරණ 4919 ක් වාර්තා වී තිබෙනවා.
