ශ්‍රී ලංකාවේ මුලු කොවිඩ් ආසාධිත මරණ සංඛ්‍යාව 5000 ඉක්මවා ගියා.
ඒ ඊයේ දිනයේදී සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තවත් කොවිඩ් ආසාධිත මරණ 98 ක් තහවුරු කිරීමත් සමගයි.
මේ අනුව මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 5017 ක් බවට පත්වුණා.
ඊයේ මරණවලින් 78 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 20 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
මේ අතර ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදී තවත් කොවිඩ් ආසාධිතයන් 2815 දෙනෙකු හඳුනාගනු ලැබුවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 03 ලක්ෂ 27 දහස් 038 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 31 325 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 90 දහස් 794 දක්වා ඉහළ ගියා.
