ශ්‍රී ලංකාවෙන් ඊයේ දිනයේදි තවත් කොවිඩ් ආසාධිතයන් 1666 දෙනෙකු හඳුනාගෙන තිඛෙනවා.
ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 02 ලක්ෂ 96 දහස් 516 ක්.
දැනට මෙරට රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 24 860 ක්.
මේ අතර මෙරට කොරෝනා වෛරස් ආසාධිතයන් අතුරින් සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දෙ ලක්ෂ 67 දහස් 602 දක්වා ඉහළ ගියා.
මේ අතර මෙරට මුලු කොවිඩ් මරණ සංඛ්‍යාව 4099 දක්වා ඉහළ ගියා.
ඒ ඊයේ දිනයේදී තවත් මරණ 45 ක් තහවුරු වීමත් සමගයි.
ඉන් 37 ක් වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර මරණ 07 ක් වයස අවුරුදු 30 ත් 59 ත් අතර අය වනවා.
වයස අවුරුදු 30 ට අඩු එක් කොවිඩ් ආසාධිත මරණයක්ද ඊයේ මරණ අතර වනවා.
