පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති ගුවන් මගීන් දිවයිනට රැගෙන ඒමේදී මෙතෙක් ක්‍රියාත්මක ගුවන් යානයකට උපරිම මගීන් 75 සීමාව ඉවත් කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනය කලේ එම මගීන් නියමිත මාත්‍රා සංඛ්‍යාව ලබාගෙන ඇති බවට වන ලිඛිත සාක්ෂි ඉදිරිපත් කල යුතු බවයි.
ඒ අනුව, එන්නත් දෙකම ලබාගෙන දින 14ක් ගෙවා ඇති මගීන් ගුවන්යානයේ උපරිම මගී ධාරිතාව යටතේ මෙරටට රැගෙන ඒමට ගුවන් සමාගම් සඳහා අවසර ලැබෙනු ඇති.
එසේම ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ ජෛව බුබුළල සංකල්පය යටතේ ද සම්පූර්ණ එන්නත්කරණයට ලක්වූ සංචාරකයින් ගුවන්යානයේ මුළු මගී ධාරිතාව සපුරන ලෙස මෙරටට ගෙන ඒමට අවසර ලබාදී තිබෙනවා.
එන්නත් මාත්‍රා එකක් හෝ කිසිදු එන්නතක් ලබාගෙන නොමැති මගීන් එක ගුවන්යානයක රැගෙන ආ හැකි වනුයේ 75 දෙනෙක් පමණයි.
එම මගීන් මෙරටට පැමිණි පසු අනිවාර්ය දින 14 ක් නිරෝධායනයට යොමුකළ යුතු වනවා.
