ණය ආධාරයක් ලබාදීමට අදාළව ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තාක්ෂණික සාකච්ඡා ලබන 24 වනදා අවසන් කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එහි ප්‍රකාශක ගෙරී රයිස් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන සහ ආර්ථික ප්‍රවණතා පිළිබඳ මූල්‍ය අරමුදල සමීපව නිරීක්ෂණය කරන බවයි.
මූල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති මත සිටිමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහයෝගය සැපයීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවද ඔහු අවධාරණය කරනවා.
