ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් (Bongbong Marcos) මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා (Masatsugu Asakawa) මහතා සමග අද (29) සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මැනිලා නුවර දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට නියමිතය.
වික්‍රමසිංහ මහතා ජපානයේ සිට පිලිපීනයේ මැනිලා නුවරට පැමිණියේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර සැප්තැම්බර් 30 වැනිදා නැවත දිවයිනට පැමිණීමට නියමිතය.
