පන්දුවාර 20 ලෝක කුසලානයේ සුපිරි 12 වටයේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තීරණාත්මක තරගය අද සිඩ්නි හිදී පැවැත්වෙනවා.
ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 01.30 හෙවත් සිඩ්නි වේලාවෙන් රාත්‍රී 07 ටයි තරගය ආරම්භ වන්නේ.
අවසන් පූර්ව වටය පිළිබඳ බලාපොරොත්තු තබා ගැනීමට නම් ශ්‍රී ලංකාව අද තරගය අනිවාර්යයෙන් ජය ගත යුතු වනවා.
ශ්‍රී ලංකාව මේ වනවිට ප්‍රසාද ළකුණු සටහනේ 05 වන ස්ථානය දක්වා පහත බැස තිබීම ඊට හේතුවයි.
නවසීලන්තය ප්‍රසාද ළකුණු සටහනේ පසුවන්නේ අංක 01 ස්ථානයේයි.
මේ අතර ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර අද මෙල්බර්න් නුවරදී ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිතයි.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අතරතුරදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුවුණා.
