එළඹෙන මැතිවරණයට තරග කරන්නේ ප්‍රධාන කඳවුරු දෙකක් බවත් ඉන් එක කඳවුරක් මහ බැංකුව මංකොල්ල කෑ,රට බංකොලොත් කළ කණ්ඩායම් එකට එක්වී තැනූ අශුද්ධ සන්ධානයක් බවත්, අනෙක් කදවුර වන්නේ රටට අනතුරක් එන විට ඒ අනතුරක් කල්තියාම කියනු ලැබූ සහ #SriLankaFirst සංකල්පය ඔස්සේ රට ගොඩනගන ශුද්ධ වැඩපිළිවෙළක් ඇති කණ්ඩායම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ශ්‍රී ලංකාව lost කරන කණ්ඩායම තෝරා ගන්නවද,ශ්‍රීලංකාව ෆස්ට් කරන කණ්ඩායම තෝරා ගන්නවා ද කියන එක රටේ ජනතාවගේ වගකීම බව පැවසූ විපක්ෂ නායකතුමා රට ගොඩනගන්නට ඇති එකම විකල්පය සමගි ජන බලවේගය බවද පැවසීය.
මේ තරම් ප්‍රශ්න තියෙද්දී ඒ දෙගොල්ල මොකද කරන්නේ?පොහොට්ටුව කියනවා අපි එජාපය එකතු වෙනවා කියලා.එජාපය කියනවා පොහොට්ටුව එක්ක එකතු වෙනවා කියලා.හැබැයි මුළු රටම දන්නවා ඒ දෙගොල්ල එකතු වුණේ මීට කලින් කියලා.”
යයිද විපක්ෂ නායකතුමා පැවසීය.
සමගි රාජ්‍ය සේවා විශ්‍රාමික බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් සම්මන්ත්‍රණය අද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.ඒ සංවිධානය කළේ එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා විසිනි.
පත්වීම් ලිපියක් හරියට ගහගන්න බැරි ආණ්ඩුවක් විශ්‍රාමිකයා සුරක්ෂිත කරයි ද ?
2015න් පස්සේ බඳවාගන්න රාජ්‍ය නිලධාරින්ගේ පත්වීම් ලිපිය තියෙන්නේ “අනාගතයේදී තීරණය කරනු ලබන විශ්‍රාමයකට ඔබ හිමිකම් ඇත” යනුවෙන් බව පැවසූ විපක්ෂ නායකතුමා හරිහමන් පත්වීම් ලිපියක් වත් දෙන්න බැරි තරමට ආණ්ඩුව පඹ ගාලක පැටලි සිටින බව කීය.
රජයේ සේවකයා මෙන්ම විශ්‍රාමික ප්‍රජාව ශ්‍රී ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක සාධකයන් වෙන බවත්,මැතිවරණයක් කිට්ටු වෙනකොට බොහෝ අයට රාජ්‍ය සේවකයින් සහ විශ්‍රාමිකයිනුත් මතක් වෙන නමුත් ඉන් පස්සේ ඒ අය කරපිංචා ගානට වීසි කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.
විශ්‍රාම වැටුප හදාගන්න ජේෂ්ඨ පුරවැසියන්ට දස අතේ රස්තියාදු වෙන්න වෙලා තියෙන බව කී විපක්ෂ නායකතුමා මේ තත්ත්වය උදා කළේ ගෝඨාභය රාජපක්ෂ බැසිල් රාජපක්ෂ ඇතුළු කණ්ඩායම විසින් බවද පැවසීය.
විශ්‍රාම ගන්න කාලය විටින් විට වෙනස් කරන්න පටන් අරගෙන තියෙන බව කී විපක්ෂ නායකතුමා,මෙයින් රාජ්‍ය සේවකයෝ ව්‍යාකූල වන බවත් වෙනුවෙන් වැඩ කරන්න හිටපු නිලධාරීන් මෙයින් අන්ත අසරණ වන බවත් කීය.
එදිනෙදා විශ්‍රාම යන රාජ්‍ය නිලධාරීන්ට ගෙවිය යුතු ව්ශ්‍රාම පාරිතෝෂිකය ගෙවීමට වත් අද ආණ්ඩුවට සල්ලි නැති බව කී විපක්ෂ නායකතුමා රටේ සමස්ත විශ්‍රාමිකයින්ගේ ජීවිත සුරක්ෂිත කිරීමේ වගකීම සමගි ජන බලවේගය ස්ථිර වශයෙන්ම භාර ගන්නා බව ද පැවසීය.
ශිෂ්‍ය මර්දනය වහා නවතනු!
අද වන විට ශිෂ්‍ය මර්දනය බරපතළ ලෙස සිදු වෙමින් පවතින බව පැවසූ විපක්ෂ නායකතුමා ඔවුන්ට එරෙහිව අනියත චෝදනා එල්ල කරමින් සිටින බවද පැවසීය.
දරුවන් ලග මත්ද්‍රව්‍ය තිබෙනවා ද කියා සොයන්නට ඇති උවමනාව සහ උනන්දුව ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේත් බෑග් පරික්ෂා කිරීමට තිබෙනවා නම් වඩාත් සුදුසු බව පැවසූ විපක්ෂ නායකතුමා,මත්ද්‍රව්‍ය පිළිබඳව සොයන්නට ඇති උනන්දුව උනන්දුවම පාස්කු ප්‍රහාරයේ චූදිතයින් පිළිබඳව සොයා බැලීමට ද යොදවන ලෙස පැවසීය.
