දැඩි මූල්‍ය ප්‍රතිපත්ති හා ආසියාවේ වේගවත්ම උද්ධමනය මගින් ආර්ථිකය තවදුරටත් අඩපණ කිරීම නිසා ශ්‍රී ලංකාව ගැඹුරු අවපාතයකට ඇද වැටීමට ඉඩ ඇතැයි බ්ලූම්බර්ග් ව්‍යාපාරික වෙබ් අඩවිය අනතුරු ඇගවීමක් කර තිබේ.
එම වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ ජූලි සහ සැප්තැම්බර් අතර කාලයේ රටේ ආර්ථිකය 10 % කින් පමණ හැකිළී ඇති බවයි.
අප්‍රේල් සිට ජුනි දක්වා කාලය තුළ 8.4% කින් ආර්ථිකය හැකිළී තිබෙන අතර දකුණු ආසියාව පිළිබඳ බ්ලූම්බර්ග් අර්ථ ශාස්ත්‍රඥ, අන්කූර් ශුක්ලා මහතා පෙන්වා දෙන්නේ, ඉහළ උද්ධමනයත් දුර්වල විශ්වසනීයත්වයත් නිසා ඉල්ලුම තවදුරටත් පහත වැටී ඇති බවයි.
අන්කූර් ශුක්ලා සඳහන් කළේ ඉහළ උද්ධමනය සහ විශ්වාසනීයත්වය දුර්වලවීම හේතුවෙන් හා පාරිභෝජනය අඩුවීම හේතුවෙන් ඉල්ලුම පහත වැටී ඇති බවය.
බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අප්‍රේල් සහ ජුනි අතර කාල සීමාවේදී මෙරට ආර්ථිකය 8.4%කින් සංකෝචනය වූ අතර ජුලි – සැප්තැම්බර් කාර්තුවේ එය වාර දෙකක් වැඩිම අපගමනය සලකුණු කර ඇති බවය.
