ඉන්දියානු සංචිත බැංකුව (RBI) විසින් රටවල් 18 ක බැංකුවලට විශේෂ Vostro ගිණුම් (SVRA) විවෘත කිරීමට අවසර ලබාදී ඇති බව එරට රජය විසින් පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙනවා.
ගෙවීම් පියවීම සඳහා ඒ අනුව ඉන්දියානු රුපියල් භාවිතා කිරීමට එමගින් අවසර ලබා දී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.
එලෙස අවසරය හිමි රටවල් 18 වන්නේ ෆීජි, බොට්ස්වානා, ගයනාව, ජර්මනිය, කෙන්යාව, ඊශ්‍රායලය, මැලේසියාව, මොරිෂස්, මියන්මාරය, නවසීලන්තය, ඕමානය, රුසියාව, සීෂෙල්ස්, සිංගප්පූරුව, ශ්‍රී ලංකාව, ටැන්සානියාව, උගන්ඩාව සහ එක්සත් රාජධානියයි.
