සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
  • මුල් පිටුව
  • දේශීය

    ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

    VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට

    උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

    උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය

    ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

    “දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”

    IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

    PARLIAMENT

    මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

    නැවත අරගල කරන්න ආවොත් හමුදාව යොදවනවා – පාර්ලිමේන්තුව විසුරුවන්නේ නෑ

    IMF ණය පහසුකම ගැන ජනපතිගේ විශේෂ ප්‍රකාශය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result

Home දේශීය

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය 50% කට ඉහළ නැංවීමට ඉලක්ක කෙරේ

Admin by Admin
2 months ago
in දේශීය
0
ඖෂධ වර්ග 60 කට උපරිම සිල්ලර මිලක්
0
SHARES
2
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදනය ඉදිරි වසර කිහිපය තුළ  50% දක්වා ඉහළ නැංවීමට ඉලක්ක කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය  කෙහෙලිය රඹුක්වැල්ල මහතා ශ්‍රී ලංකාවේ ජර්මානු  තානාතිපතිවරයා හමුවේ අද (25) පැවසීය.

මේ වන විට ඖෂධ නිෂ්පාදනය 15% – 20% ක පමණ තත්වයක පවතිනේ යැයි ද රටට අවශ්‍ය ඖෂධ සැපයුම ප්‍රමුඛ අවධානයට යොමු කරමින් මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇතැයි ද අමාත්‍යවරයා මෙහිදී කීය. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති හෝල්ගර් සීබර්ට් (Holger Seubert) මහතා අද (25) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා හමුවු අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සහය අයෝජකයින්, නිෂ්පාදකයින්, කර්මාන්තකරුවන් ඇතුළු සියල්ලන් වෙත ලබා දෙන බවද, එමෙන්ම එවැනි ව්‍යාපෘතියක් සදහා මේ වන විට ගිවිසුම් අත්සන් කර ඔවුන්ගේ නිෂ්පාදන පසු මිලදී ගැනීම සදහා වන ගිවිසුම්ද අත්සන් තබා ඇතැයි අමාත්‍යවරයා කීය.

ඒ සදහා උපකරණ ගෙන්වීමේ දී බදු සහන වලින් නිදහස් කිරීම  ඇතුළු සහන රැසක් ලබා දෙන බවත් නව ව්‍යාපෘතිය සදහා ආයෝජකයන් 12 දෙනෙකු කර්මාන්තශාලා වෙනුවෙන් ආයෝජනය කර ඇති බවත් ඒ මහතා පැවසීය. මේ වන විට මෙරට තුළ වැඩි වශයෙන් සේලයින් නිපදවීම සිදු කරන බවද ඉදිරියේ දී ඖෂධ හා උපකරණ රැසක් නිෂ්පාදනය කෙරෙන බවද හෙතෙම පැවසීය.

මෙරටට ඖෂධ සපයන රටවල් සමග අවබෝධතා ගිවිසුම් වලට එළඹීමට බලාපොරොත්තු වන බවත් ඒ සදහා ඖෂධ සැපයීමේ ප්‍රමුඛ රටක් වන ජර්මනිය ද ඇතුළත් වන බවත් අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

මේ වන විටත්  මෙරට ඖෂධ ලියාපදිංචියට ගත වන කාලය අඩුකර ඇතැයි ද ඉදිරියේ දී ඒ පිළිබද තවත් අවධානය යොමු කෙරෙන බව ද අමාත්‍යවරයා කීය. ඖෂධ සැපයීමේ මෙම වැඩපිළිවෙළි සදහා යුරෝපානු රටවල් 5 ක්, 6 ක් අපේක්ෂා කරන බවත් එයට අමතරව අනෙක් රටවල් ද අපේක්ෂා කෙරෙන බවත් අමාත්‍යවරයා කීය.

ඉන්දියාව, ජපානය වැනි රටවල් ඒ සදහා දැනටමත් එකඟ වී ඇතැයි ද ඉන්දුනීසියාව මේ වන විට මෙම ක්‍රියාවලියට එක්ව තිබෙන්නේ යැයිද අමාත්‍ය රඹුක්වැල්ල මහතා පෙන්වා දුන්නේය.

මේ වන විට රට තුළ ජීවිතාරක්ෂක ඖෂධ 14 ම පවතින බවත් එය  ඉදිරි මාස 6 කට ප්‍රමාණවත් වන බවත් මෙහිදී පෙන්වා දුන් අමාත්‍යවරයා මේ වන විට පවතින ඖෂධ ගැටලුව ඉදිරි මාසය වන විට නිරාකරණය කර ගැනීමට හැකි බවද පෙන්වා දුන්නේය. මේ සදහා දිගුකාලීන, කෙටිකාලීන, මධ්‍යකාලීන විසදුම් රැසක් කෙරෙහි අවධානය යොමුව ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කීය.

ගාල්ල මහමෝදර ඉදි කෙරෙන මාතෘ හා නව ජන්ම රෝහලේ ඉදි කිරීම් කටයුතු පිළිබද ජර්මානු තානාපතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරයා මෙන්ම අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්චාවක් මෙහිදී පැවැත්වුණු අතර එහි වැඩ කටයුතු කඩිනමින් අවසන් කිරීමට අවශ්‍ය කටයුතු සලසන ලෙස ජර්මානු තානාපතිවරයා මෙහිදී ඉල්ලා සිටි අතර දැනටමත් ඒ පිළිබදව ජනාධිපතිතුමන් ද අවධානය යොමු කර ඇතැයි ද ඉදිරියට කැබිනට් මණ්ඩලයේ මේ පිළිබදව සාකච්චා කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.

ජර්මනිය හා ශ්‍රී ලංකාව අතර වසර 70 ක මිතුදමක් පවතින බවත් මේ වසරට එහි 70 වන වසර සපිරෙන බවද ශ්‍රී ලංකා  ජර්මානු තානාතිපති හෝල්ගර් සීබර්ට් (Holger Seubert)  මහතා පැවසීය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානී  (මෙහෙයුම්) ඕලෆ් මාකෝ  (Olaf Malchow) යන මහත්වරුන් ද එක්ව සිටියහ.

Admin
Tags: අසේල ගුණවර්ධනඖෂධසෞඛ්‍යසෞඛ්‍ය අමාත්‍යංශය
Previous Post

විභාග සහතික ගෙදර ඉඳන්ම Online ක්‍රමයට අයදුම් කරන්නේ මෙහෙමයි

Next Post

කෝටි 1000 ක් වැය කල දේශීය ආදායම් මෘදුකාංගය අද වනවිට අක්‍රීයයි

Admin

Admin

Related Posts

දේශීය

ඉදිරියේ දී රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනසක්

by Admin
March 22, 2023
VAT බද්ද 12% දක්වාත් විදුලි සංදේශන බද්ද 15% දක්වාත් ඉහළට
දේශීය

උපයන විට බද්ද (PAYE) 12% සිට 15% දක්වා ඉහළට

by Admin
March 22, 2023
උපාධි පාඨමාලාවල ශිෂ්‍ය ණය පොළිය මහා භාණ්ඩාගාරයෙන් ගෙවීමට අනුමැතිය
දේශීය

ගුරු මාරු අප්‍රේල් 17 වනදා සිට

by Admin
March 22, 2023
“දේශපාලන ස්ථාවරත්වයක් ඇතිවෙමින් පවතින නිසා ධූරයෙන් ඉවත් වෙන්නේ නැහැ”
දේශීය

IMF මූල්‍ය පහසුකම ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

by Admin
March 22, 2023
PARLIAMENT
දේශීය

මන්ත්‍රී වරප්‍රසාද කඩවීම ගැන විමර්ශනයට පත්කළ විශේෂ කාරක සභා නිර්දේශ නීතිපතිට

by Admin
March 22, 2023
Next Post
කෝටි 1000 ක් වැය කල දේශීය ආදායම් මෘදුකාංගය අද වනවිට අක්‍රීයයි

කෝටි 1000 ක් වැය කල දේශීය ආදායම් මෘදුකාංගය අද වනවිට අක්‍රීයයි

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොවිඩ් කොවිඩ්19 කොවිඩ් 19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් දුම්රිය පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ රනිල් වික්‍රමසිංහ විදුලි කප්පාදුව විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකාව ශ්‍රේෂ්ඨාධිකරණය සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In