ශ්රී ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් ක්රිකට් තරගයෙන් ඉණිමක සහ ළකුණු 58 ක ජයක් හිමිකර ගැනීමට සත්කාරක නවසීලන්තය සමත්වුණා.
ඒ අනුව ටෙස්ට් තරගාවලි ජයද 2 ට 0 ක් ලෙස හිමිවූයේ ඔවුන්ටයි.
නවසීලන්තය සිය පළමු ඉණිමට ළකුණු 580 ක් රැස් කල අතර ශ්රී ලංකා පළමු ඉණිම ළකුණු 164 කට සීමාවුණා.
ශ්රී ලංකා දෙවන ඉණිම 358 යි.
නවසීලන්තයේ හෙන්රි නික්ලස් තරගයේ වීරයා ලෙස නම් කෙරුණු අතර කේන් විලියම්සන් තරගාවලියේ වීරයායි.
දෙරට අතර එක්දින තරගාවලිය ලබන සෙනසුරාදා ඕක්ලන්ඩ් හිදී ආරම්භවීමට නියමිතයි.
