ශ්‍රි පාද වන්දනා වාරය මැයි මස 17වනදායින් අවසන් කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමියන් නිළ වශයෙන් නිවේදනය කරනවා.
ශ්‍රි පාද වන්දනා වාරය අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුවත්කිරිම සදහා නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානයේදි පැවති රැස්විමකදි ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් ඒ බව කියා සිටියා.
කෙසේවෙතත් හෙට සහ අනිද්දා දෙදින ශ්‍රි පාද වන්දනාවේ පැමිණිමට හැකියාව පවතිනවා.
17 වෙනි දින දහවල් ශ්‍රි පාද උඩ මළුවේ පැවැත්වෙන විශේෂ ආගමික වතාවන් වලින් අනතුරුව ශ්‍රි පාද උඩ මළුවවේ තැන්පත් කර තිබෙන සදාතුක කරඩුව , සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ යුධ හමුදා භට පිරිස් වල සහයෝගය ඇතිව රත්නපුර පලාබද්දල මාර්ගය ඔස්සේත්, නල්ලතන්නිය බගවන්තලාව බලංගොඩ මාර්ගය ඔස්සෙත් ,පැල්මඩුල්ල ගල්පොත්තාවෙල රජමහා විහාරස්ථානයේ ගමන් මාලිගාව දක්වා වැඩම කරවිමට නියමිතයි.
මෙවර ශ්‍රි පාද වන්දනා වාරය රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් සහ මාධ්‍ය ආයතනවල සහයෝගය ඇතිව සාර්ථකව සිදු කිරිම හැකියාව ලැබුණු බවත්, එම කාලය තුල ශ්‍රි පාද වන්දනාවේ පැමිණි සියළුම වන්දනාකරුවන්ට අවශ්‍ය පහසුකම් උපරිම අයුරින් ලබාදිමට පියවර ගත් බවත් ශ්‍රි පාදස්ථානාධිපති හිමියන් වැඩිදුරටත් කියා සිටියා.