අවිධිමත් රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයක් භාවිත කිරීමේ චෝදනාවට අදාළව වරදකාරිනිය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත්කල ඇප ඉල්ලීම සළකා බැලීම අද සිදුකෙරෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතායි නියෝගය ලබාදුන්නේ.
නිතිපතිවරයා වෙනුවෙන් නොතීසි නිකුත් කරන ලෙසද අධිකරණය නියම කලා.
අදාළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ගේ බිරිඳ වන ශෂී වීරවංශ ට වසර 02 ක බරපතල වැඩ සහිත සිර දඩුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා පසුගියදා නියෝග කලේ.