වෛද්‍ය පරිපාලන ක්ෂේත්‍රය මුහුණ පා ඇති දේශපාලන තර්ජන හමුවේ මේ වනවිට ගැටළු රැසක් උද්ගතව ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරින් චෝදනා නගනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
වාර්ෂික ස්ථාන මාරුවල බලාත්මක දිනය සම්බන්ධයෙන් නිවැරදි නිර්වචනයක් ඉදිරිපත් කිරීමට පවා වෛද්‍ය පරිපාලනය අපොහොසත් වී ඇති බවයි ඔහු අවධාරණය කළේ.
මේ අතර වෛද්‍යවරුන්ට එල්ලවන දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් ද වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා එහිදී අදහස් පළ කළා.