වඳ සැත්කම් චෝදනා මත අනිවාර්ය නිවාඩු යැවූ තමන්ට හිමි හිග වැටුප් හා දීමනා ලබාදෙන ලෙස ඉල්ලා කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ශාෆි ගොණු කල රිට් පෙත්සම සළකා බැලීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
ඒ අදාළ පෙත්සම අද විනිසුරු සෝභිත රාජකරුණා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා – කුරුණෑගල ශික්ෂණ රෝහලේ වත්මන් සහ හිටපු අධ්‍යක්ෂවරුන් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා.
තමන් වඳ සැත්කම් කල බවට අසත්‍ය හා පදනම් විරහිත චෝදනා එල්ල කල බවත් පසුව අනිවාර්ය නිවාඩු යැවුණු බවත් පෙත්සම්කරු පෙන්වාදෙනවා.
කෙසේවෙතත් අදාළ කාලයට අදාළ හිග වැටුප් හා දීමනා මෙතෙක් ලැබී නොමැති බවද වෛද්‍ය මොහොමඩ් ශාෆි සිය පෙත්සමෙන් චෝදනා කර සිටිනවා.