රජය විසින් ක්‍රියාත්මක කර ඇති බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළාත් 4ක ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනපුරා රෝහල් රැසක කටයුතු අඩාල වී තිබෙනවා.
බස්නාහිර, දකුණ, නැගෙනහිර සහ මධ්‍යම යන පළාත් 04 තුළ එම වැඩවර්ජනය ක්‍රියාත්මක වනවා.
කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ඩබ්ලිව් කේ වික්‍රමසිංහ පැවසුවේ වෛද්‍ය වර්ජනය හේතුවෙන් සිය රෝහලේ සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතු අඩාල වූ බවයි.
කෙසේවෙතත් හදිසි ප්‍රතිකාර සහ අත්‍යවශ්‍ය සේවා කටයුතු සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්‍ෂවරයා සදහන් කළා.
කළුබෝවිල සහ රාගම ශීක්‍ෂණ රෝහල්වල සායනික සහ බාහිර රෝගී අංශවල කටයුතුද අද දිනයේ අඩාල වූ බවයි රෝහල් අධ්‍යක්‍ෂවරුන් පැවසුවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල රෝහල් කටයුතුවලටද වෛද්‍ය වර්ජනය හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු ප්‍රතිපත්තියට විරෝධය පළ කරමින් වරාය සේවකයින් ද අද සෙමින් වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
