වෙසක් සැමරුම් උත්සවය වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.
කොළඹ නගරයේ වෙසක් කලාප ආශ්‍රිතව රථ ගාල්ද වෙන්කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
ඒ අනුව, කොළඹ ගංගාරාම වෙසක් කලාපයට අයත් රථගාල් වන්නේ යුනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය හංදියේ සිට ඉබ්බන්වල හන්දිය දක්වා, ධර්මපාල මාවත, හුණුපිටිය හරස් පාර සිට එෆ් ආර් සේනානායක මාවත දක්වා , එෆ් ආර් සේනානායක මාවත, ධර්මපාල මාවත සිට කන්නන්ගර මාවත දක්වා සහ වොක්ෂෝල් වීදියයි.
බෞද්ධාලෝක වෙසක් කලාපයට අයත් රථගාල් සඳහා මෙට්ලන්ඩ් පෙදෙස, නිදහස් මාවත, විද්‍යා මාවත, සරණ පාර සහ ආර් ජී සේනානායක මාවත වෙන් කර තිබෙනවා.
ගාලු මුවදොර ප්‍රදේශය ආශ්රිත රථගාල සඳහා පැරණි ආරක්ෂක අමාත්‍යංශය තිබූ භූමිය වෙන් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.