නෙදුන්කේනි පොලිස් වසමේ සේනපිලව් ප්‍රදේශයේ අද පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක මියගොස් තිබෙනවා.
මරණකාරිය සේනපිලව් ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී කැළය තුළ සැගව සිටි ඇයගේ මස්සිනා විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.
පුද්ගලික අමනාපකමක් මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලිසිය සදහන් කළා.
වෙඩිතැබීමෙන් අනතුරුව අදාළ සැකකරු ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් වන ඊට්ටමුන්රිඡාන් , නෙදුන්කේනි ප්‍රදේශයේ පදිංචිකාරියක්.
නෙදුන්කේනී පොලිසියයි වැඩිදුර විමර්ශන මෙහෙයවන්නේ.