ආණ්ඩුව ක්‍රියාත්මක කළ බදු සංශෝධනවලට විරෝධය පළ කරමින් වෘත්තීය සමිති රැසක් අද සිට ආරම්භ වන සතිය තුළ වැඩවර්ජන සහ විරෝධතාවල නිරත වනවා.
ඒ අනුව අද දිනයේදී සිය වර්ජන ක්‍රියාමාර්ගය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පළාත් 04 ක ක්‍රියාත්මක කරන බවයි එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසුවේ.
සෞඛ්‍ය වෘත්තිකයන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කළේ සිය එක්දින වර්ජනය 15 වනදා ආරම්භ කරන බවයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් සහ ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ එළඹෙන 15 වනදා දින සියලු ගුරු සංගම් ද ඒකාබද්ධව වර්ජනයක නිරත වන බවයි.
ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධනයේ සම කැඳවුම්කරු උපාලි රත්නායක සඳහන් කළේ හෙට ජල සම්පාදන මණ්ඩලයේ සේවකයින් ඇතැම් රාජකාරීවලින් ඉවත්ව වර්ජනයක නිරත වන බවයි.
