උතුරු මැද හා නැගෙනහිර පළාත්වල සිදුකරන ලද විමර්ශනවලදී ලියාපදිංචි නොකළ වී ගබඩා 52 ක වී මෙට්‍රික් ටොන් 8,000 ක ප්‍රමාණයකට ගතවූ සතියක කාලය තුළදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් මුද්‍රා තබා තිබෙනවා.
එමෙන්ම ගතවූ දින 02 තුළදී ගම්පහ සහ සීදුව ප්‍රදේශයේ පිහිටි සීනි ගබඩා 03 ක මෙට්‍රික් ටොන් 5,400 කට ආසන්න ප්‍රමාණයකටද මුද්‍රා තබා ඇති බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කලේ.
මෙම මුද්‍රා තබන ලද ගබඩා හිමිකරුවන්ට විරුද්ධව මෙම සතියේදී අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා අවශ්‍ය කටයුතු පිළිබඳව නීතිපතිවරයා සමග සාකච්ඡා කර තිබෙනවා.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරි පනතට අනුව මෙම ලියාපදිංචි නොකරන ලද ගබඩා හිමිකරුවන්ට රුපියල් 1,000 සිට රුපියල් 10,000 දක්වාත්, සමාගමක් නම් රුපියල් 10,000 සිට රුපියල් 100, 000 දක්වා මුල්‍යමය දඩයක් හෝ මාස 6 ක සිර දඩුවමක් ලබාදිය හැකියි.