වී අලෙවි මණ්ඩලයේ සභාපති ධුරයෙන් ආචාර්ය J.D. මාන්නප්පෙරුම මහතා ඉල්ලා අස්වී තිබෙනවා.
පෞද්ගලික හේතු මත සභාපති ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඔහු සඳහන් කර ඇත්තේ.
ඉහළ කළමනාකාරිත්වයෙන් ගන්නා ඇතැම් තීරණ ක්‍රියාත්මක කිරීම ඥානාන්විත නොවන නිසා තමා තනතුරින් ඉල්ලා අස් වූ බව මාන්නප්පෙරුම මහතා ප්‍රකාශ කර තිබෙනවා.
තමා ධුරයෙන් ඉල්ලා අස්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතාට දැනුම් දුන් බව ද ආචාර්ය J.D. මාන්නප්පෙරුම මහතා සඳහන් කලා.