වීරකැටිය අත්තනයාල ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකළ පොලිස් නිලධාරින් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලබා පොලිස් නිලධාරින් 08 දෙනෙකු සහ ගම්වාසීන් දෙදෙනෙකු රෝහල්ගත කර තිබේ.
පොලිස් නිලධාරින් අද (06) පස්වරුවේ එම ප්‍රදේශයට ගොස් ඇති අතර මාර්ගයේ සිටි පිරිසක් සම්බන්ධයෙන් සැක සිතී ඔවුන් පරීක්ෂා කිරීමට කටයුතු කර ඇත.
එහිදී එම පිරිස එයට විරෝධය දක්වා නිලධාරීන් සමග බහින්බස් වී ඇති අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
