වීදි දරුවන් සම්බන්ධව කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යංශය සමග ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරන බව කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිෂාන්ත මහතා පවසනවා.
පොලිසියේද සහය ඇතිව ඉතා කෙටි කාලයක් තුල දිවයිනම ආවරණය වන පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි ජාතික ළමාරක්ෂක අධිකාරියේ පැවති වැඩසටහනකට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
දරුවන් භාවිත කරමින් කූඨ ලෙස යාචක ව්‍යාපාරයක නිරතවන පිරිස්වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද පියල් නිෂාන්ත මහතා මෙහිදී අවධාරණය කළා.