යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, අද (01) පෙ.ව. 8.30 සිට පැය 24 පුරාම කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබාදීම සිදුකෙරෙන බවය.
එය ශ්‍රී ලංකා යුද හමුදාව විසින් සංවිධානය කරන අතර එලෙස පැය 24 පුරා එන්නත් ලබාදීම සිදුකෙරෙන්නේ මෙරට පළමු වරටය.
මේ අතර බස්නාහිර පළාතේ තවත් ස්ථාන රැසකදී ඇස්ට්‍රාසෙනෙකා එන්නත අද සිට ලබාදීමට සියලු කටයුතු මේ වනවිට සූදානම් කර තිබේ.
එන්නත ලබාගැනීමට පැමිණෙන පුද්ගලයින් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කාඩ් පත සහ ජාතික හැඳුනුම්පත් රැගෙන ආ යුතු බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.
