ඉදිරි සතියේ පාර්ලිමේන්තු කටයුතු තීරණය කිරීම සඳහා, පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද පස්වරු 2.00ට රැස්වනවා.
පාර්ලිමේන්තුව මීළගට රැස්වීමට නියමිතව ඇත්තේ ලබන සඳුදායි.
එදින විශේෂ පාර්ලිමේන්තු දිනයක් වන අතර, මන්ත්‍රීවරුන් අසා ඇති ප්‍රශ්නවලට ආණ්ඩුව වෙනුවෙන් පිළිතුරු දීම පමණක් එදිනට යෙදී තිබෙනවා.
මීට අමතරව සැප්තැම්බර් 07, 08, 09, 10 යන දිනවල පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ අද රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කෙරෙනු ඇති.
එමෙන්ම මැතිවරණ සහ ඡන්ද විමසීම් ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ද අද පස්වරුවේ රැස්වීමට නියමිතව තිබෙනවා.
පළාත් පාලන ඡන්ද ක්‍රමයේ පවතින අඩුපාඩු හඳුනාගනිමින් ඒ සඳහා වන විසඳුම් ලබා දීමට පත් කෙරුණු ත්‍රි පුද්ගල සමාලෝචන කමිටුවේ වාර්තාව සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම විශේෂ කාරක සභාවට ලැබෙන යෝජනා අධ්‍යයනය කිරීම සඳහා කමිටුව නියෝජනය කරන පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවලින් යෝජනා වූ විද්වතුන්ගෙන් සමන්විත විශේෂඥ කමිටුවක්ද පත්කර තිබෙනවා.