සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සහ දීර්ඝ නිවාඩු සමය හේතුවෙන් ලබන 17 වනදා දක්වා විශේෂ දුම්රිය ධාවනයට එක්කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
සාමාන්‍ය දුර ගමන් දුම්රියන්ට අමතරව මෙම විශේෂ දුම්රිය ධාවනය කරන බවයි ගමනාගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉන්දික ඉඳිපොලගේ පැවසුවේ.
ඒ අනුව කොළඹ කොටුව – බදුල්ල, කොළඹ කොටුව – ගාල්ල, මරදාන – බෙලිඅත්ත, අනුරාධපුර – බෙලිඅත්ත අතර එම දුම්රිය ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
