විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් හෙට සිට ක්‍රියාත්මක වනවා.
ඩෙංගු අවදානම වැඩි දිස්ත්‍රික් 15 ක එම වැඩසටහන් ක්‍රියාත්මක බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කලේ.
දෙසැම්බර් මාසයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා.
එය සැළකිල්ලට ගෙන අදාල දිස්ත්‍රික් 15 හි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල 81 ක ලබන 10 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක වනු ඇති.
