පවතින තත්වය හමුවේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ්‍රාමිකයන් කැඳවීම නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා තිබෙනවා.
හෙට සිට එය බලාත්මක වන බවයි විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතා නිවේදනය කලේ.
මේ අනුව විශ්‍රාම වැටුප් සක්‍රීය කිරීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා විශ්‍රාමිකයන් කැඳවීම ඇතුලු සියලු කරුණු සඳහා දෙපාර්තමේන්තුවට පැමිණීමෙන් වළකින ලෙසයි ඉල්ලීමක් කෙරෙන්නේ.
මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු 1970 දුරකථන අංකය අමතා ලබාගත හැකියි.
