සංරක්ෂිත පුවත්
  • Login
NewsRadio - Sinhala
Advertisement
  • මුල් පිටුව
  • දේශීය
    දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ

    දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

    ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

    එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!

    ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

    උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?

    21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
    දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ

    දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

    ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

    ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට

    පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

    එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!

    ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

    උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?

    21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

    ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්

    මහ බැංකුවේ මාසික මුදල් ප්‍රතිපත්ති විවරණය අද

    Trending Tags

    • Pandemic
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English
No Result
View All Result
NewsRadio - Sinhala
No Result
View All Result
Home දේශීය

විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් ආණ්ඩුවේ තනතුරු දැරීම මිල්ටරීකරණයක් නොවේ

Shamil Fernando by Shamil Fernando
5 months ago
in දේශීය, ප්‍රමුඛ පුවත්
0
0
SHARES
35
VIEWS
Share on FacebookShare on TwitterShare on Whatsapp

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම රටේ සංවර්ධනය වෙනුවෙන්
ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව කැපවී සිටිනවා.

ආරක්ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා

ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට මෙන්ම ජාතිය ගොඩනැගීමට ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව පසුගිය දෙවසර තුළ පුළුල් පරාසයක විශාල කාර්යභාරයක් ඉටු කළ බව ආරක්ෂක  ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා පවසයි.

“ගත වූ දෙවසර තුළ ත්‍රිවිධ හමුදාවේ ක්‍රියාකාරීත්වය” මැයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය අද (15) පෙරවරුවේ සංවිධානය කළ මාධ්‍ය හමුවේදී ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

අද රටේ ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙන අතර බෙදුම්වාදයට හිස එසවීමට කිසිඳු ඉඩක් නැති බව අවධාරණය කළ ආරක්ෂක ලේකම්වරයා ශ්‍රී ලාංකිකයන් කිසිවෙකු අනියත බියක් ඇතිකරගත යුතු නැති බව පැවසීය. රාජ්‍ය බුද්ධි අංශය සහ සෙසු බුද්ධි අංශ අද එකම ශක්තිමත් ජාලයක් ලෙස ක්‍රියාත්මක වන බව දකමල් ගුණරත්න මහතා සඳහන් කළේය.

රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් දිනා දුන් නිදහස සහ රටේ ජාතික ආරක්ෂාව පාස්කු ප්‍රහාරය සමග උඩුයටිකුරු විය. පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා පීඩාවට පත් වූ අහිංසක පවුල්වලට සාධාරණය ඉටු කිරීමට අධිකරණ පද්ධතියට අවශ්‍යසියලු සහාය ලබාදෙන බව ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

මිල්ටරීකරණයකට රට ගෙන යනවාද යන්න පිළිබඳ වූ පැනයට පිළිතුරු දුන් ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා, විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු ආණ්ඩුවේ තනතුරු දැරීම කිසිසේත් මිල්ටරීකරණයක් නොවන අතර විශ්‍රාම ලැබූ හමුදා නිලධාරියෙකු වසර ගණනාවක තම දැනුම සහ අත්දැකීම් භාවිත කර රටට සහ ජනතාවට සේවය කිරීම වරදක් වන්නේ කෙසේ දැයි විමසා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම මෙන්ම ජාතිය ගොඩනැගීමට අවශ්‍ය පියවර ගැනීම ද ත්‍රිවිධ හමුදාවේ වගකීමකි. යුද, නාවික සහ ගුවන් හමුදාව ඒ වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින බව ආරක්ෂක ලේකම්වරයා පෙන්වා දුන්නේය.

පසුගිය වසර දෙක තුළ රටේ සංවර්ධනය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ කාර්යභාරය පැහැදිලි කළ යුද හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා යුද හමුදාවේ ශක්තිය රටේ සංවර්ධනය වෙනුවෙන් උපරිමයෙන් දායක කිරීමට කැපවී කටයුතු කළ බවයි.

ඒ අතරම කොවිඩ් මර්දන ක්‍රියාන්විතයට ද ශ්‍රී ලංකා යුද හමුදාව පුළුල් දායකත්වයක් සපයා තිබේ. ප්‍රතිකාර මධ්‍යස්ථාන, නිරෝධායන මධ්‍යස්ථාන මෙන්ම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන පවත්වාගෙන යාම මෙන්ම එන්නත්කරණ වැඩපිළිවෙළේදී යුද හමුදාපතිවරයාගේ මගපෙන්වීමෙන් විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටින අතරම ජනතා අවශ්‍යතා අනුව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ කාර්යය ද නොඅඩුව සිදුකළ බව ඒ මහතා පැවසීය.

නාවික හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ දූපත් රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට ද විශාල කාර්යභාරයක් පැවරී ඇති බවයි.

පසුගිය වසර දෙක තුළ පමණක් රුපියල් බිලියන 35කට අධික මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් ශ්‍රී ලංකා නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙන අතර ජාතියේ ප්‍රථම ආරක්ෂක වළල්ල ලෙස එය රටත්, තරුණ පරපුරේ අනාගතයත්  වෙනුවෙන් කළ විශාල සේවයක් බව ඒ මහතා පෙන්වා දුන්නේය.

ඒ අතරම ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිවිල් ඉංජිනේරු අංශය ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙනුවෙන් පුළුල් දායකත්වයක් ලබා දෙමින් සිටි. ජනතා සුබසාධනය වෙනුවෙන් ද කැපවී සිටින අතර ජනතාවට පිරිසිදු පානීය ජලය සැපයීමේ ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාවට නංවා තිබේ. වෙරළාරක්ෂිත පරිසර කලාපයේ සුරක්ෂිතභාවය තහවුරු කිරීමට මෙන්ම කඩොලාන ශාක වගාව සිදු කරමින් කඩොලාන රැක ගැනීම වෙනුවෙන් ද ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන බව කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

කොවිඩ් 19 මර්දනය සහ එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව ද සක්‍රීයව දායකවී සිටින බව ඒ මහතා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ ජනමාධ්‍ය අධ්‍යක්ෂ ගෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා ද අදහස් දැක්වීය. කොවිඩ් 19 පැතිර යාමත් සමග විෂබීජහරණය සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව කැපවූ අතර “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් ශ්‍රී ලංකාවේ වන වගාව ඉහළ නැංවීම වෙනුවෙන් රක්ෂිත කලාප සඳහා ගුවනින් බීජ හෙළීම ඇතුලු පරිසර සංරක්ෂණ ව්‍යාපෘති සේම නගරබද රථ වාහන තදබදය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සක්‍රීයව දායක වෙමින් සිටින බව ඒ මහතා සඳහන් කළේය.

Shamil Fernando
Shamil Fernando
Tags: ආරක්ෂක ලේකම්කමල් ගුණරත්නජාතික ආරක්ෂාව
Previous Post

“ඉතිහාසයේ බලගතුම මූල්‍ය අර්බුදයට ලංකාව තල්ලුවෙලා තියෙන්නේ”

Next Post

තවත් 335 දෙනෙකු සුවය ලබයි

Shamil Fernando

Shamil Fernando

Related Posts

දිස්ත්‍රික් 06කට පැණවූ නායයෑම් අනතුරු ඇගවීම පස්වරු 06 තෙක් දීර්ඝ කෙරේ
කාළගුණය

දිවයිනේ ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු ඇගවීම්

by Shamil Fernando
May 19, 2022
දේශීය

ජාතික රණවිරු දිනය වෙනුවෙන් ජනපතිගේ සුබ පැතුම

by Sudari Silva
May 19, 2022
ගුරු – විදුහල්පති වෘත්තිය සමිති නියෝජිතයන් කිහිප දෙනෙක් CID ට
දේශීය

පොහොට්ටු මන්ත්‍රී 04 කගෙන් CID ය ප්‍රකාශ ගනී

by Shamil Fernando
May 19, 2022
එක් වෙමු ! පන්නමු !! ගොඩ එමු !!!
දේශීය

ගාලු මුවදොර පහරදීමට සම්බන්ධ මන්ත්‍රීන් කැබිනට් සාමාජිකයන් ලෙස දිවුරුම් දි ඇතැයි චෝදනා

by Shamil Fernando
May 19, 2022
උසස්පෙළ සහ ශිෂ්‍යත්ව විභාගය තවදුරටත් කල් යයි ?
දේශීය

21A වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල යුතුයි

by Shamil Fernando
May 19, 2022
Next Post

තවත් 335 දෙනෙකු සුවය ලබයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • Covid 19
  • ක්‍රීඩා
  • කාළගුණය
  • ජනප්‍රිය පුවත්
  • දේශීය
  • ප්‍රමුඛ පුවත්
  • විදෙස්
  • විශේෂාංග

Browse by Tags

CORONA corona virus covid COVID 19 COVID19 jvp police SJB WEATHER අත්අඩංගුවට ආසාධිතයන් ඉන්දියාව ඉන්ධන එන්නත්කරණය ඔස්ටේ්‍රලියාව ක්‍රිකට් කැබිනට් කොරෝනා කොරෝනා ආසාධිතයන් කොවිඩ් කොවිඩ් 19 කොවිඩ්19 කොවිඩ් ආසාදිතයින් කොවිඩ් ආසාධිතයන් කොවිඩ් මරණ කොළඹ ගෑස් ගෝඨාභය රාජපක්ෂ ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපති ඩොලර් දුම්රිය පාර්ලිමේන්තු පාර්ලිමේන්තුව මහින්ද රාජපක්ෂ යුක්රේනය විපක්ෂ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ශ්‍රී ලංකාව සජිත් ප්‍රේමදාස සමගි ජන බලවේගය සමගි ජනබලවේගය සුවය සෞඛ්‍ය ෆයිසර්
NewsRadio – Sinhala

News Radio comprises a team of professional reporters and dedicated editors who don’t just chase stories. The NewsRadio team brings the public to where the story is, so the public can hear and see for themselves. Committed to offering a quality and up-to-date service, NewsRadio is renowned for credibility and sincerity in not just telling the news, but keeping the public informed.

Contact Us

  • Address: No 52 5th Lane, Colombo 03
  • Email: news@tnlradio.com
  • Phone: 0117-777-555
  • Extention: 561 / 562 / 563
  • Fax: 0112-372-993
  • Address
  • Email
  • Phone
  • Extention
  • Fax
  • No 52 5th Lane, Colombo 03
  • news@tnlradio.com
  • 0117-777-555
  • 561 / 562 / 563
  • 0112-372-993

FEEDBACK

NewsRadio – Sinhala

Expanding rapidly since its launch into a network comprising of three radio stations – TNL NOW, Lite87 and Rhythm World, a record label called Criminal Records; A web solutions division, TNL RN Online; and signature events such as TNL Onstage, The Flashback Show, Simplicity and Rhythm Night, each component of TNL Radio Network has something unique to offer its audience.

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

No Result
View All Result
  • මුල් පිටුව
  • දේශීය
  • විදෙස්
  • කාළගුණය
  • ක්‍රීඩා
  • Covid 19
  • විශේෂාංග
  • අපි ගැන
  • English

© 2021 NEWSRADIO, All Rights Reserved. Developed by TNL Radio Network - IT

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In