2020 උසස් පෙළ විභාගයේ කඩඉම් ලකුණුවලට අනුව විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වීම සදහා අදට යෙදී තිබූ අවසන් දිනය දීර්ඝ කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනූව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා නිව්ස් රේඩියෝවට කියා සිටියේ ලියාපදිංචි වීමේ දිනය දෙසැම්බර් 16 දක්වා දීර්ඝ කර ඇති බවයි .