දිවයිනේ සියලු විශ්ව විද්‍යාලවල ආචාර්යවරුන් අද දිනයේදී ඔන්ලයින් ඉගැන්වීමේ කටයුතුවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
කොතලාවල ආරක්ෂක විද්‍යාල පනතට එරෙහිව සිදුකරන ක්‍රියාමාර්ගවල ආරම්භයක් ලෙස එම පියවර ගෙන ඇති බවයි විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිවේදනය කළේ.
එහි ලේකම් රොහාන් ලක්සිරි මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ අද පස්වරුවේදී විශ්ව විද්‍යාල ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාර ද සංවිධාන කර ඇති බවයි.