ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කඩිනමින් කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
ඒ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හදිසි රැස්වීමක් ඊයේ රාත්‍රියේ පැවැති අවස්ථාවේදීයි.
ප්‍රමාණවත් මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ අත්සන් සහිතව විශ්වාසභංග යෝජනාව ඉදිරි පාර්ලිමේන්තු සතිය තුළදීම කතානායකවරයාට භාරදීමේ හැකියාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
එමෙන්ම ආණ්ඩුවේ ජනතා විරෝධී වැඩපිළිවෙළට එරෙහිව මහනුවර සිට කොළඹ දක්වා දැවැන්ත පාගමනක් සංවිධාන කිරීම පිළිබඳව ද ඊයේ රාත්‍රියේ පැවැති සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදි සාකච්ඡා වී තිබෙනවා.
ලබන 24දා මහනුවරින් එය ආරම්භ කර මැයි පළමුවනදා එයි කොළඹට ළගාවීමට නියමිතයි.
ජන අරගලයේ යෙදී සිටින පිරිස් වලට ශක්තිය ලබාදීම පා ගමනේ අරමුණ බව සමගි ජනබලවේගය සඳහන් කලා.