විවාහ මංගල උත්සව පැවැත්වීම සදහා ලබා දී ඇති ලිහිල් කිරීම් ඇතැම් පුද්ගලයින් විසින් අවභාවිත කරන බවට නිරීක්ෂණ වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.
සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී තීරණයක් ගැනීමට සිදුවන බවයි.
විවාහ මංගල උත්සව සදහා කොවිඩ් එන්තත් ලබා ගත් පුද්ගලයින් හෝ කොවිඩ් පරීක්ෂණවලට සහභාගීවූවන් පමණක් සහභාගි කරගැනීම යෝග්‍ය බවද ඔහු පෙන්වා දෙනවා.