විවාහ උත්සව පැවැත්වීමේදී අනුගමනය කළයුතු මාර්ගොපදේශ අද මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක වන පරිදි නැවතත් සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව උත්සව ශාලාවේ 500 කට වැඩි ආසන පහසුකම් ඇත්නම් එහි පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැකි වනුයේ උපරීම වශයෙන් 150 දෙනෙකුට පමණයි.
උත්සව ශාලාවක ආසන පහසුකම් 500 ට අඩු නම් එවැනි ස්ථානයක පැවැත්වෙන මංගල උත්සවයක් සඳහා සහභාගීවිය හැක්කේ උපරීම 100 දෙනෙකුට පමණක් බව යුධ හමුදාව සඳහන් කලා.
මේ අතර අවමංගල්‍ය උත්සවයක් සඳහා එක් අවස්ථාවකදී සහභාගී වියහැකි උපරීම සංඛ්‍යාව ද 25 දෙනෙකුට සීමා කර තිබෙනවා.
