උද්ගෝෂණ හා විරෝධතා වලදී ප්‍රචන්ඩකාරී හා කලහකාරී ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් හා පුද්ගල කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බව පොලිසිය පවසනවා.
පොලිස් මූලස්ථානය නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ ඊයේ දින ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් උද්ගෝෂණ හා විරෝධතා ව්‍යාපාර වාර්තා වු බවයි.
ඉන් ඇතැම් උද්ගෝෂණ වල යෙදී සිටි පුද්ගලයින් විසින් විවිධ දේපල ගිනි තැබීම් / අයුතු ඇතුලුවිම් / අනර්ථය සිදුකිරීම් වැනි ක්‍රියා සිදුකළ බවද පොලිසිය පවසනවා.
එම ක්‍රියා සිදුකල පුද්ගලයින් හදුනාගෙන අත්අඩංගුවට ගෙන ඇති තවත් පිරිසක් ඉදිරියේදි අත්අඩංගුවට ගැනිමට නියමිත බවයි පොලිස් මුලස්ථානය අවධාරණය කළේ.
ඕනෑම අයෙකුට සාමකාමී උද්ගෝෂණ කළ හැකි මුත් කලහකාරී ප්‍රචන්ඩ හැසිරිම් වල නිරත වන්නන් විද්‍යාත්මක / තාක්ෂණික හා විඩියෝ සාක්ෂි උපයෝගි කර ගෙන අත්අඩංගුවට ගන්නා බවයි අදාල නිවේදනයේ දැක්වෙන්නේ.
එබැවින් කළහකාරි හා ප්‍රචන්ඩ හැසිරිම්වල නිරත නොවන්නැයි පොලිසිය ජනතාවට දැනුම් දෙනවා.