පසුගිය අප්‍රේල් 19 වෙනිදා මාතර- කොළඹ ප්‍රධාන මාර්ගයේ නිල්වලා ගග මහානාම පාලම මත මාර්ගය හරස් කරමින් ඉන්ධන ඉල්ලා කළ විරෝධතාවක් අතරතුර පොලිසියට අයත් ත්‍රිරෝද රථයකට හානි කළැයි චෝදනා මත පුද්ගලයෙකුට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද බරපතළ වැඩ ඇතිව අවුරුදු තුන හමාරක සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඊට අමතරව රුපියල් හය දහසක අලාභයක් සහ තවත් රුපියල් පනස් දහසක අලාභ ගෙවීමක් ද දඩුවමට ඇතුළත්.
මෙලෙස දඩුවම් නියමවුණේ, වයස අවුරුදු 30 ක මාතර ප්‍රදේශයේම පදිංචිකරුවෙකුටයි.