තම පුත්‍රයා වන විමුක්ති කුමාරණතුංග ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන බවට මේ දිනවල ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය හරහා පැතිරෙන පුවත සම්පූර්ණයෙන් අසත්‍යයක් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා.
අදාල පුවත සම්පූර්ණයෙන් ප්‍රතික්ශේප කරන අතර මෙවැනි අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසයි නිවේදනයක් නිකුත් කරමින් ඇය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
විමුක්ති කුමාරණතුංගට දේශපාලනයට පැමිණීමේ කිසිදු අවශ්‍යතාවක් හෝ කැමැත්තක් නොමැති අතර දේශපාලනය වෙනුවෙන් බණ්ඩාරනායකවරුන් සිදු කළ කැපකිරීම් සහ ලද පීඩාවන් ඔහුට ද උරුම කරවීමේ කිසිදු අදහසක් තමන්ට නොමැති බව එම නිවේදනයේ සදහන්.
රට වෙනුවෙන් සේවය කළ හැකි එකම ක්‍රමය දේශපාලනය නොවන බව ද චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය සිය නිවේදනය මගින් පෙන්වා දෙනවා.
