2016 වසරේ දී එක්සත් ජාතීන්ගේ එවක මානව හිමිකම් කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ශ්රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ දී කොළඹ තුම්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ ප්රධාන කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය සිදුකිරීම හරහා මහජන පීඩාවක් සිදුකළේ යැයි චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ ඇතුළු පිරිසකට එරෙහිව පනවා ඇති නඩු විභාගය එළඹෙන දෙසැම්බර් මස 12 වන දා කැඳවන ලෙස කොළඹ මහෙස්ත්රාත් අධිකරණය අද(29) නියම කළේය.
එලෙස නියම කළේ අදාල නඩුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් නන්දන අමරසිංහ ඉදිරියේ අද(29) කැඳවනු ලැබූ අවස්ථාවේ දී යි.
එහි දීසැකකරුවන් ලෙස නම්කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ, වීරකුමාර දිසානායක, පියසිරි දිසානායක සහ මොහොමඩ් මුසම්මිල් යන අය මහේස්ත්රාත්වරයා හමුවේ අද (29) පෙනී සිටියහ.
එම නඩුවේ අනෙක් සැකකරුවන් වශයෙන් නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්රී ජයන්ත සමරවීර සහ රොජර් සෙනෙවිරත්න යන අය අධිකරණයේ පෙනී සිටියේ නැහැ.
ඒ අනුව, නඩු විභාගය දෙසැම්බර් මස 12 වන දා කැඳවීමට නියම කළ මහෙස්ත්රාත්වරයා කියා සිටියේ අදාල සැකකරුවන්ට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
