විභාග රාජකාරී සදහා සෑම වසරකම අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කෙරුණද එම මුදල් මේ වනවිටත් ගුරුවරුන් වෙත ලැබී නොමැති බවට ගුරු සංගම් චෝදනා කරනවා.
පසුගිය සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග වලත් 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග සදහාත් වූ විභාග රාජකාරී දීමනා වහාම ගුරු විදුහල්පතිවරුන්ට ලබාදිය යුතු බවටයි ඔවුන් රජයට අවධාරණය කරන්නේ.
ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් අදහස් පල කල ලංකා ගුරුසේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහින්ද ජයසිංහ මහතා කියා සිටියේ ඉන්ධන මිළ ඉහළ දැමීමේදී සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දින 10 ක කාලසීමාව හෝ ඉවසීමට ආණ්ඩුවට නොහැකිවීම සම්බන්ධයෙන් කණගාටුවට පත්වෙන බවයි.
