2020 – 21 වසර වලට අදාල විභාග රාජකාරී සහ උත්තර පත්‍ර ඇගයීම් කටයුතු වල නිරතවූ ගුරුවරුන්ගේ ගෙවීම් කිසිවක් මේ දක්වා සිදුකර නොමැති බවට ලංකා ගුරුසේවා සංගමය චෝදනා කරනවා.
ඒ අනූව 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගය මෙන්ම 2021 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයට අදාල විභාග රාජකාරී සදහා සහභාගී වූ ගුරුවරුන් කිසිවෙකුට කිසිදු ගෙවීමක් මේ දක්වා සිදුකර නොමැති බවයි ඔවුන් අවධාරණය කරන්නේ.
එබැවින් සාධාරණ කාලයක් තුල මෙම සියලු ගෙවීම් සිදුකර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගතයුතු බවයි එම සංගමය අමාත්‍යාංශ ලේක්මවරයාට යැවූ ලිපියක් සඳහන් වන්නේ.
මේ අතර වර්තමානය වනවිට රටතුල පැන නැගී ඇති දරාගත නොහැකි ආහාර / ප්‍රවාහන ඇතුලු වියදම් වලට සාපේක්ෂව විභාග රාජකාරී ගෙවීම් මුදලද ඉහළ දැමීමට පියවර ගන්නා ලෙස එම සංගමය සිය ලිපියේ සදහන් කර තිබෙනවා.
එසේ නොමැතිවුවහොත් ඉදිරි විභාග රාජකාරි සදහා ගුරුවරුන්ගේ සහභාගීත්වය අවිනිශ්චිත බවයි ලංකා ගුරුසේවා සංගමය අවධාරණය කරන්නේ.
