සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයන් සහ විභාග රාජකාරි කරනු ලබන නිළධාරීන් හැකිතාක් කල් ඇතිව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නැයි විභාග දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරනවා.
කෙසේ නමුත් විභාග සදහා පැමිණෙන යම් කිසි දරුවෙකු ප්‍රමාද වුවහොත් ඒ සදහා සහන කාලයක් ලබා දීමට ශාලාධිපතිවරුන්ට උපදෙස් දී ඇති බවයි විභාග කොමසාරිස් ජනරාල් එල් එම් ඩී ධර්මසේන මහතා කියා සිටියේ.
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශ පත්‍ර මෙතෙක් නොලැබුණු සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් එය බාගත කර ගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා පවසනවා.
ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිස එහි මුල් පිටුවේ අපගේ සේවා යටතේ ඇති සාමාන්‍ය පෙළ විභාගය 2021/22 විභාග ප්‍රවේශ පත්‍ර බාගත කිරීම් නැමති අයිකනය තෝරා ඒ යටතේ ජාතික හැඳුනුම්පත් අංකය හෝ විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රවේශ පත්‍රයේ පිටපතක් බාගත කර ගත හැකියි.
අදාල ප්‍රවේශ පත්‍රයේ, නාම සංශෝධන, විෂය සංශෝධන සහ මාධ්‍ය සංශෝධන ඇත්නම් ඒ සඳහා ද විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ පහසුකම් සලසා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් යම් ගැටලූවක් වෙතොත් විභාග දෙපාර්තමේන්තුවේ 011 2784208 හා 011 2784537 යන දුරකතන අංකවලට හෝ 1911 දුරකතන අංකයෙන් තොරතුරු විමසිය හැකියි.
